ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙන්නේ.

ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බවයි එහිදී ඉන්දියාව සඳහන් කර ඇත්තේ.

Share.
Leave A Reply

Exit mobile version