මෙරට රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිසංවිධානය කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
වැරදි දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව හේතුවෙන් රාජ්‍ය ආයතන බොහෝමයක් පහතට වැටී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ට පෞද්ගලික අංශය තුළ සේවය කිරීමට හෝ පෞද්ගලික අංශය වෙත සේවය සඳහා බඳවාගනී යැයි තමා අපේක්ෂා නොකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
රාජ්‍ය ආයතන තුළත් කාර්ය සාධනය පාදක කරගත් වැටුප් ක්‍රමයක් ඇති කළ යුතු බව Twitter සටහනක් තබමින් අමාත්‍යවරයා අවධාරණය කරනවා.