රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ජාතික සම්පත් විකිණීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඒ අනුව පවතින ආර්ථික ගැටලුව සඳහා මේ තුළින් යම් විසඳුමක් සොයාගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

යම් ආයතනයක් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමට සිදුවේ නම් එය ජාතික සම්පතක් ලෙස සඳහන් කළ නොහැකි බවත් රජය විසින් කොටස් ප්‍රමාණයක් තබාගෙන ඉතිරි කොටස ලබාදුන් විට එය විකිණීමක් වනවා දැයි විමසිය යුතු බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version