රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීම පිළිබඳව අවදානමක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ වන විට වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.

වෙළෙඳපොළ තුළ සහල් මිල අසීමිත ලෙස ඉහළ ගියහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය නම් වී අලෙවි මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත් කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.

Share.
Leave A Reply

Exit mobile version