ලෝකයේ කුඩාම දෙවැනි රාජ්‍යය ලෙස සැලැකෙන මොනකෝ හි වසර පුරාම පවතින ශීතල හා උණුසුමත් රැඳි ප්‍රසන්න දේශගුණය නිසා සංචාරකයෝ බොහෝ ඒ වෙත ආකර්ෂණය වේ. මේ සූදානම් වන්නේ ලොව දෙවන කුඩාම රාජ්‍ය පිළිබඳව ඔබට කියන්න. ධන කුවේරයන්ගේ රාජ්‍යයක් ලෙස සැලැකෙන ලොව දෙවන කුඩාම රාජ්‍යය වන මොනකෝ උතුරෙන්, නැගෙනහිරෙන් හා බටහිරෙන් ප්‍රංශයට මායිම් වී දකුණෙන් මධ්‍යධරණී මුහුද පිහිටා තිබේ. එහි ජනගහනය 39,309ක් ලෙස 2020 වන විට දැක්වෙන අතර ඉන් 30%ම කෝටිපතියන් වේ. මෙහි දේශ සීමාව කි.මී. 5.47ක් පමණි.
මොනකෝ මෙතරම් සෞභාග්‍යමත් රාජ්‍යයක් වී ඇත්තේ එහි දේශපාලන ස්ථාවරභාවය නිසා වන අතර එය කුමාරයකු විසින් පාලනය කරනු ලබයි. එසේම මුළු අවුරුද්ද පුරා පැවැත්වෙන සුපිරි මෝටර් රථ ධාවන තරග, මෝස්තර නිරූපණ සංදර්ශන, මුහුදු යාත්‍රා තරග ඇතුළු විවිධ සංදර්ශන සැණකෙළි මෙන්ම මොනකෝවල බදු අය කිරීම ද ඉතා අඩු වීම මෙම වර්ධනයට හේතුවේ. එහි ව්‍යාපාර ආදියට අය කරන බදු ඉතා පහළ මට්ටමක් වේ. මුහුදු යාත්‍රා ව්‍යාපාරය ඉතා ප්‍රකට මොනකෝ හි බොහෝ ධන කුවේරයන් තම මැඳුරු අසල මුහුදේ තමන්ගේ විශාල මුහුදු යාත්‍රා නවතාගෙන සිටී. එහි බොහෝ සාප්පුවල වීදුරු කාමර තුළ ප්‍රදර්ශනයට තබා ඇත්තේ සුපිරි මෝටර් රථ හා අධිවේගී මෝටර් රථයි.
වාර්ෂිකව මොනාකෝහි පැවැත්වෙන ලෝක ප්‍රකට ෆෝමියුලා වන් තරගය සඳහා එහි අනතුරුදායක ධාවන පථ ඇතැම් තැනක මාරක වංගු සහිතව තවත් තැනක බිම්ගෙවල් මෙන් තනා ඇත්තේ නගර මධ්‍යයේයි. නිල්වන් මධ්‍යධරණී මුහුදු වෙරළට යාබදව එහෙත් තරමක් උස කඳු ගැටයක තනා ඇති සුවිශාල මන්දිර පෙළට අනෙක් පසින් දැකගත හැක්කේ මොනකෝ මාලිගයයි. කඳු ගැටයක් මත පිහිටා ඇති නිසා එම මාලිගය නගරයේ සිට බැලූවිට ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැකගත හැක.
මොනකෝහි භාවිත වන නිල භාෂාව ප්‍රංශ වන අතර මොනගැස්ක් භාෂාව ද ඉතාලි හා ඉංග්‍රීසි ද එහි භාවිත වෙයි. දෙවැනි ඇල්බට් කුමරුගේ නිල නිවහන වන මොනාකෝ මාලිගය 1191 දී ඉදිවී ඇත්තේ බලකොටුවක් ලෙසටය. 19 වැනි, 20 වැනි සියවස්වල දී මේ මාලිගය විචිත්‍රවත් බවේ සංකේතය බවට වූ අතර සුප්‍රකට හොලිවුඩ් නිළි ග්‍රේස් කෙලී මෙම මාලිගාවේ කුමරිය බවට පත්වූයේ 1956 දී ය. බොහෝ සංචාරකයෝ මාලිගා භූමියේ රැඳී සිටින්නේ එහි පෞරාණික බවත් එහි ඇති ගෘහ නිර්මාණ ශිල්පයත්, එය පිහිටා ඇති ස්ථානයේ දර්ශනීයත්වයත් විඳගැනීමටයි. (aayubo)
එසේ නම්, මෙම ලිපිය බෙදා ගන්නා අතරතුර, ඔබේ අදහස් අදහස් දැක්වීමේ කොටසේ පළ කිරීමට අමතක නොකරන්න, තවත් මෙවැනි රට රාජ්‍යයන් තිබේ නම්, පහතින් අදහස් දැක්වීමට අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.