මුදල් ගෙවීමට හැකියාව ඇති පුද්ගලයින් සඳහා රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඔහු සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මුදල් ඇති පුද්ගලයින් සහ මුදල් නොමැති පිරිස් යන දෙපිරිසම නොමිලේ බෙහෙත් ලබා ගන්නා බවත් එය අසාධාරණ ක්‍රමවේදයක් බවයි.

ඒ අනුව ජයවර්ධනපුර රෝහලේ ආකාරයෙන් සුළු මුදලක් අයකර මුදල් ඇති පුද්ගයින්ට සල්ලි ගෙවා බෙහෙත් ලබා ගැනීමට සහ එසේ මුදල් නොමැති පිරිස් වෙත ගෞරවාන්විතව නොමිලේ බෙහෙත් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version