ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් 2024 අගෝස්තු මස 12 වන දින මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියහ. ඒ අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුධ හමුදා භඨපිරිස් පාබල හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර වෙල⁣ගෙදර‍, මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම‍, ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී.

මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දිය යුධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රවින්ද්‍ර ආලවට් ගේ නායකත්වය යටතේ නිලධාරින් 18 දෙදෙනෙකු සහ සෙසුනිලයින් 102 දෙනෙකු සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ගජබා රෙජිමේන්තුව ප්‍රමුඛව නිලධාරින් 18 දෙනෙකු හා සෙසුනිළයින් 102 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

මෙවර 10 වන වරට පවත්වනු ලබන මෙම යුධ අභ්‍යාසය 2012 වර්ෂයේදි ආරම්භ කරන ලද අතර ඵය මෙරටදි හා ඉන්දියාවේදි පවත්වා තිබේ.

දෙරට අතර මිත්‍රත්වය සහ අත්දැකිම් බෙදාහදා ගැනීම තුලින් කලාපීය ආරක්‍ෂාව වර්ධනය කිරීම උදෙසා, පැවැත්වෙන මෙම යුධ අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලබයි.

https://sinhala.buzzer.lk/wp-content/uploads/2024/08/53ae65b0-e6dd-4243-9b0d-32bb3da24cc8.mov
Share.
Leave A Reply

Exit mobile version