උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලයන්හි කප් සිටවීම අද (29) අළුයම 03.03 ට යොදුන සුභ මුහුර්තියෙන් සිදුවිය.

ඊයේ අලුයම් කාලයේදී අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප් රැගත් පෙරහර ගමන් ආරම්භ කර තිබුණා.

නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාලයන්හි ඒ අයුරින් කප් සිටුවීම සිදුකෙරුණු අතර එතැන් පටන් දින පහක් සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු 02 වැනිදා ආරම්භ වන අතර රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version