ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය අද (15) 80% කින් පමණ අඩාල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද දිනයේ බස් රථවලින් 20%ක් පමණ ධාවනය වුවද සිකුරාදා වන විට ඉන්ධන නොමැති වුවහොත් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වන බව ඔහු පවසයි.

අද බොහෝ මිනිසුන් දුම්රියට ගොඩ වන අයුරුත්, දුම්රිය ස්ථානවල අනපේක්ෂිත සෙනඟක් ගැවසෙන අයුරුත් දක්නට ලැබේ.

Share.
Leave A Reply

Exit mobile version