නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති තරගයේදී පළමු සතියේ අපරාජිතව පසුවූ මහනුවර පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගාලු කණ්ඩායම සමත් විය. මෙවර තරග වාරයේදී ගාල්ල කණ්ඩායම විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ජය ලෙසින් මෙම ජයග්‍රහණය සනිටුහන් වූයේ තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීය.

ගාල්ල කණ්ඩායම අතින් අද දිනයේදී පරාජයට පත්වූයේ පළමු සතියේදී කලම්බු පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ කැන්ඩි කණ්ඩායම වීම කැපී පෙණෙයි.

මහනුවර දෙවැනි ඉනිම ලකුණු 198 කටට සීමා වීම නිසා ගෝල් කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 123 ක් වූ අතර එම කිසිවකු නොදැවී රැස් කර ගැනීමට ගෝල් කණ්ඩායම සමත්විය. ගෝල් පිල වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 132 ක් රැස් කරගත් සංගීත් කුරේ දෙවැනි ඉනිමේදීද ලකුණු 75 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූවේය.

පිට පිටම දෙවැනි ජය ලැබූ ගාලු කණ්ඩායම (Pic Credits: Sri Lanka Cricket)

කැන්ඩි පළමු ඉනිම 290 – (උදයවංශ පරාක්‍රම 49, කසුන් විදුර 16, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, රවීන් යසස් 10, මොවින් සුබසිංහ 30, වනුජ සහන් 12, නිපුන් රංසික 12, කවිශ්ක අංජුල 56/2, අසංක මනෝජ් 31/4)

දෙවැනි ඉනිම 198 යි – (කසුන් විදුර 29, මොව්නු සුබසිංහ 27, සඳුන් වීරක්කොඩි 71, වනුජ සහන් 33, මොහොමඩ් ශිරාස් 26/3, ප්‍රවීන් ජයවික්‍රම 20/3)

ගෝල් පළමු ඉනිම 365 යි – (සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, රමේෂ් මෙන්ඩිස් 10, මොහොමඩ් ශිරාස් 15*, නිපුන් රන්සික 85/3, වනුජ සහන් 105/3)

දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුනු 129 යි – (සංගීත් කුරේ 75, හෂාන් දුමිඳු 54) – (Sri Lanka Cricket)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version