ප්‍රභල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති විය හැකියි.

Share.
Leave A Reply

Exit mobile version