ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟයෙන් ලකුණු 33 ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගත් අතර වනිඳු හසරංග වේගවත් ලකුණු 37 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 155 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් හා චාමික කරුණාරත්න කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

සිම්බාබ්වේ ලකුණු පුවරුව පහතින්,

Share.
Leave A Reply

Exit mobile version