ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ (15) දිනයේ රුපියල් මිලියන 2 කට අධික ආදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව පළමු දිනයේ ආදායම 2,100,000 නෙළුම් කුලුන පෞද්ගලික සමාගම සඳහන් කළේ.

ඊයේ දිනයේ නෙළුම් කුළුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වාත් නෙළුම් කුළුන නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version