ලස්සන, නීරෝගි , දිගු කෙස් කලඹක් ලැබීම බොහෝ කාන්තාවන් තුල ඇති ආශාවකි. හිසකෙස් දිගුව වර්ධනය කරගැනීමට නිවසේදීම සිදුකල හැකි බොහෝ සත්කාර ක්‍රම තිබෙනවා. අද අපි හිතුවා තරමක් වෙනස් හිස්කෙස් සත්කාර ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්නට. සාමාන්‍යයෙන් අපි හිසකෙස් සත්කාර සඳහා නිවසේ ඇති මේ මේ අමුද්‍රව්‍ය , ඖෂධ වර්ග සහ තෙල් වර්ග සූදානම් කරගන්න කියා ඔබව දැනුවත් කරනවානේ. නමුත්, මේ ක්‍රමයට ඒ කිසිම දෙයක් භාවිතා වන්නේ නැහැ. ඒ සඳහා ඔබේ අතේ නියපොතු පමණයි භාවිතා වෙන්නේ. මොකක්ද මේ ක්‍රමය?

මෙය හඳුන්වන්නේ බලයම් යෝගා ලෙසයි. මෙය රිෆ්ලෙක්සොලොජි චිකිත්සාවේ (reflexology therapy) එන එක්තරා චිකිත්සක ක්‍රමයකි. මෙදිදී සිදු කිරීමට අවශ්‍ය වන්නේ එක් සරල පියවරක් පමණි. එනම් මිනිත්තු 10 ක් පමණ කාලයක් පුරාවට ඔබේ ඇඟිලි වල නියපොතු අතුල්ලමින් සම්බාහනය කිරීමයි. මෙම ක්‍රමය හිසකෙස් ගැලවියාම, ඉස් හොරි වැනි විවිධ ගැටලුකාරි තත්වයන් දුරුකරගැනීමට බෙහෙවින් දායක වන ක්‍රමයකි.

ඇඟිලි තෙරපවීමෙන් ඔබේ හිසට සහ හිසකෙස් වල වර්ධනයට බලපෑමක් ඇතිවන්නේ කොහොමද කියා ඔබට කුතුහලයක් ඇති? ඔබේ කුතුහලයට පිලිතුරු පහත සඳහන් කරුණු මඟින් පැහැදිලි කරාවි.

මෙම ක්‍රමට තුලින් හිසකෙස් වර්ධන ක්‍රියාවලිය සක්‍රීය කරවයි.

චීන නිල තෙරපුම් ක්‍රමවේදය හෙවත් ඇකියුප්‍රෙෂර් ප්‍රතිකාර ක්‍රමයේ සඳහන් වන ආකාරයට ඇඟිලි තුඬු වල පිහිටන ස්නායු අන්තයන් සෘජුවම අපගේ හිස්කබලට සම්බන්ධවී තිබෙන බවයි. නියපොතු එකිනෙක අතුල්ලන විට ඇතිවන ඝර්ෂණය හිස්කබලේ ස්නායු අන්තයන් වලට බලපෑම් ඇතිකරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස හිස්කබලට ඇති රුධිර ප්‍රවාහය ඉහළ යාම සිදුවී හිසකෙස් හොඳින් වර්ධනය වීම උත්තේජනය වේ.

හිසකෙස් හැලීයාම අවම කරවයි.

ආදේශක වෛද්‍ය ක්‍රම පිලිබඳ විශේෂඥයින්ගේ මතයට අනුව නියපොතු එකිනෙක ඇතිල්ලිමේ මෙම ක්‍රමය නිරන්තරයෙන් පුහුණු කිරීම තුලින් මාස 3-6 ක් වැනි කාලයක් ඇතුලත හිසකෙස් ගැලවියාමේ තත්වය මන්දගාමී වී යන බවයි. හිස්කබලට සම්බන්ධ වන ප්‍රධාන රුධිර ප්‍රවාහය ඉහළ යාම හිස්කබල ආශ්‍රිත වෙනත් ගැටලු දුරුකරගැනීම සඳහා බෙහෙවින් උපකාරී වේ. උදා: ඉස් හොරි තත්වයන්, අකලට හිසකෙස් පැසීම වැනි තත්වයන්

හිසකෙස් වල ස්‍යුනිකා හෙවත් කූප (follicles) ප්‍රකෘතිමත් කරවයි.

නියපොතු වඩාත් සක්‍රිය ආකාරයෙන් එකිනෙක මත අතුල්ලන විට ඔබේ මොලය උත්තේජනය වීමට පටන්ගන්නා අතර එහිදී මොලය විසින් මැරුණු සහ හානි වූ හිසකෙස් වල කූප යථාතත්වයට පත් කිරීම සඳහා සංඥා නිකුත් කිරීමට පටන්ගනියි. පෝෂණ ගුණයන්ගෙන් සපිරි සමබල ආහාර වේලක් ලබාගැනීම, හිස්කබල සහ හිසකෙස් පිරිසිදුව තබාගැනීම ඇතුලු යහපත් පුරුදු අනුගමනය කරන අතරේ මෙම ක්‍රමය ද භාවිතා කිරීමට හුරු වීමෙන්  මාස 6-9 ක් වැනි කාලයක් තුල ඔබේ හිසකෙස් යලි දිගුව වර්ධනය කරගැනීම ඔබට අපහසු නොවේවි.

මෙම ක්‍රමය භාවිතය නුසුදුසු අවස්ථා

නියපොතු ඇතිල්ලීම වඩාත් ඵලදායි යෝගා ක්‍රමයකි. කෙසේවෙතත් බලයම් ක්‍රමය දියවැඩියාව, හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයින් සහ ගර්භණී කාන්තාවන් විසින් භාවිතා නොකල යුතු බව නිර්දෙෂයයි. ඊට හේතුව මෙම චිකිත්සක ක්‍රමය හේතුවෙන් රුධිර පීඩනය ඉහළ යා හැකි අවදානම ඇති නිසාය.

මෙම ක්‍රමය නිවැරදිව භාවිතා කරන ආකාරය:

  1. අර්ධාකාරව අත් මිට මොළවාගන්න
  2. මහපට ඇඟිලි පිටතට නෙරා ඇති ආකාරයෙන් තබාගන්න
  3. අත් දෙකේ නියපොතු එකිනෙක මත ස්පර්ෂ වීමට සලස්වන්න. තරමක් වේගයෙන් නියපොතු එකිනෙක මත ඇතිල්ලීම සිදුකරන්න.
  4. දිගටම මිනිත්තු 5-10 ක් පමණ කාලයක් පුරාවට මෙසේ නියපොතු ඇතිල්ලීම සිදුකරන්න. (slnnetwork)

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version