නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත්ව සිටිනවා. මෙම සංචිතයට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක​ද ඇතුලත්ව තිබීම විශේෂත්වයක්. නිශාන් මධුෂ්ක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් හා ශතක දෙකක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ‍නවසීලන්තය සමඟ ටෙස්ට් තරඟ 02ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ප්‍රථම තරඟය මාර්තු 09 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය පහතින්,

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version