අද (05) බක් පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක වන අතර චූලෝදර සහ මහෝදර නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකු දැක ඇත්තේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකයි.

පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

Share.
Leave A Reply

Exit mobile version