2022 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉහළ ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2022 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බවයි සඳහන් වන්නේ.

එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු තවත් රටවල් කිහිපයකින් ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version