දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිතදෙසින් හමා යන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20-40 ත් අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කන්කසන්තුරය සිට මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවීමේ හැකියාව පවතනවා.

Share.
Leave A Reply

Exit mobile version