බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ආගමික හැඟීම් සම්බන්ධ හානිදායක වචන භාවිත කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) පරිච්ඡේදය යටතේ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව කොළඹ අපරාධ නිවාරණ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නා.

2014 අපේ‍්‍රල් 12 වැනිදා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශුද්ධ වූ අල් කුරාණය පිළිබඳව අපහාසාත්මක ප‍්‍රකාශයක් මාධ්‍යවල පළ කිරීම නිසා අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් විමර්ශන ආරම්භ කළ අතර වැඩිදුර උපදෙස් සඳහා නඩුව නීතිපතිවරයා වෙත යොමු කරන ලදී.

Share.
Leave A Reply

Exit mobile version