ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ තෙදින කල් තැබීමේ විවාදය අද (09) සිට සභාව ආරම්භ වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා (03) නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරන අවස්ථාවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. විවාදය බදාදා (10) සහ සිකුරාදා (12) පැවැත්වේ.

සභාව කල් තැබීමේ විවාදය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරනු ඇත. පක්‍ෂ නායක රැස්වීමේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන විවාදයක් ඉල්ලන්නැයි විපක්‍ෂය ඉල්ලා සිටියේය. එය කථානායකවරයා විසින් සලකා බලන ලදී.

Share.
Leave A Reply

Exit mobile version