ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද සහභාගීවී තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version