කැහිපිත්තන් අපේ මුතුන් මිත්තන් කෑවෙ ජෙලි වෙනුවට. කැහිපිත්තන් කොළ වතුර ස්වල්පයක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවාම ඉබේම මිදෙනවා. ජෙලි වාගේ.

එයට සීනි හෝ මී පැණි මුසුකර ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්. ගැස්ට්‍රයිටීස් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. උදේ ම හිස්බඩ තමයි කන්න ඕනෙ. අධික ශීතල ආහාරයක්.

ශරීරයේ උෂ්ණාධික බව අධික අයගේ ශරීරය සිසිල් කරන්න මෙයට පුළුවන්. කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මවුවරුන්ට ගුණයි.

කොච්චර ශීතාධික වුවත් වා පිත් සෙම් තුන්දොස් නසනවා.

අර්ශස් අමාරුව, ඔසප් දෝෂ, මූත්‍ර රෝග, ඉරුවාරදය ආදි රෝග රැසකට කැහිපිත්තන් ජෙලි ඉතා ගුණදායක යි.

ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඖෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ.

නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඖෂධීය වටිනාකම දන්නේ නෑ. (slnnetwork)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version