කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවය.

කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දී ඇත.එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. (දිවයින)

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version