මෙම පද්ධතිය ගැන අදහස් දක්වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පවසා සිටින්නේ මෙය AA බැටරියකට සමාන ප්‍රමාණයකින් යුක්ත වන බවත් ඒ සඳහා “Synechocystis” නම් නිල්-කොළ විෂ නොවන ඇල්ගී විශේෂයක් යොදාගත් බවත්ය. ඇල්ගී යනු “ස්වභාවිකවම ප්‍රභාසංස්ලේෂණය හරහා සූර්යයාගෙන් ශක්තිය රැස්කර ගන්නාවූ සුවිශේෂ ජීවින් කොට්ඨාශයක් ” යැයි විශ්ව විද්‍යාලය පවසයි.

සිනෙකොසිස්ටිස් ඇල්ගී විශේෂය (Synechocystis Algae)

පර්යේෂකයන් විශ්වාස කරනා අන්දමට මෙම අපූර්ව පද්ධතියට “කුඩා උපාංග බල ගැන්වීම සඳහා විශ්වාසදායක සහ පුනර්ජනනීය මාර්ගයක්” ලෙස විභවයක් ඇත.

ඔවුන් පැවසුවේ පද්ධතිය “පොදු, මිල අඩු සහ මහා පරිමාණ වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතුවකින්” සාදා ඇති බවයි.

“මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය හරහා අන්තර් සම්බන්ධතාවන්, දත්ත යැවීම සහ ලබා ගැනීමට පරිගණකවල තැන්පත් කර ඇති කුඩා උපාංග (Internet of Things) විශාල සංඛ්‍යාවක් බල ගැන්වීම සඳහා මෙම පද්ධතිය සිය දහස් වාරයක් පහසුවෙන් නැවත නැවත නිර්මාණය කළ හැකි බවයි,” එම පර්යේෂක කණ්ඩායම පවසා සිටින්නේ.

මෙම අත්හදා බැලීම් සිදුකරන විට Arm Cortex M0+ බල ගැන්වීම සඳහා භාවිතා කරන ලදී. එය “Internet of Things” උපාංගවල බහුලව භාවිතා වන මයික්‍රොප්‍රොසෙසරයකි.

එම මයික්‍රොප්‍රොසෙසර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පදනම් කරගත් නිර්මාණ සමාගමක් වන අතර ආර්ම් (ARM) සමාගමද මෙම ව්‍යාපෘතිය සඳහා කේම්බ්‍රිජ් පර්යේෂකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයීය ජෛව රසායන විද්‍යා අංශයේ ආචාර්ය පාවුලෝ බොම්බෙලි පැවසුවේ, “පද්ධතිය දිගු කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියා කළ ආකාරය ගැන අපි පුදුමයටත් පැහැදීමටත් පත් වුණා. ඒ වගේම සති කිහිපයකින් එය නතර විය හැකි යැයි අපි සිතුවත් එය නොනැවතී දිගටම පැවතුනා.”

මූලාශ්‍රයන්: BBC.com, www.cam.ac.uk

Share.
Leave A Reply

Exit mobile version