2023 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා ක්රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 60 ක් පමණයි.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.