ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් විසින් ප්‍රේෂණ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක මුදල් ශ්‍රී ලංකාවට එවා ඇති වාර්තා වනවා.
කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක මුදලක් විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස මෙරටට ලැබී තිබුණා.
2022 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ප්‍රේෂණයන් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.