නුදුරේදී ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඉන්ධන ලබාදීමට සලාක ක්‍රමයක් හඳුන්වා දීමට තම අවධානය යොමු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒවාගේම සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන ලෙස දැනුම් දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

‍ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව හා විධිමත්ව කරගෙන යෑමට, ඉන්ධන නිකුත් කරන සෑම ඩිපෝවක් සඳහා පෞද්ගලික බස් සංගම් නි‍යෝජිතයෙකු පත් කරන ලෙස අදාළ සංගම්වලට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

Share.
Leave A Reply

Exit mobile version