කොළඹ 01, 02, 03, 04, 07, 09, 10, 11 යන ප්‍රදේශවලට අද (07) රාත්‍රී 10.00 සිට හෙට (08) පස්වරු 4.00 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version