ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල අද සිට අඩු කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ලොකු ළූණු කිලෝවක් රු.180 ක්, ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු.194 ක්, පරිප්පු කිලෝවක් රු.460 ක් වන බවයි ලංකා සතොස සඳහන් කළේ.

අදාළ භාණ්ඩ ලයිස්තුව පහතින්.

  • ආනයනික පොන්නි සම්බා 1kg – රු. 194ක්
  • පරිප්පු 1kg – රු. 460ක්
  • දුඹුරු සීනි 1kg – රු 310ක්
  • ආනයනික නාඩු හාල් – රු 198ක්
  • හාල්මැස්සෝ 1kg – රු 1,375ක්
  • ලොකු ළූණු – රු 180 ක්
  • කඩල 1kg – රු 585 ක්
  • සුදු සීනි 1kg – රු 298 ක්
  • සුදුළුනු – රු 650 ක්
  • වියළි මිරිස් – රු 1,690 ක්
  • ආනයනික අල – රු 280ක්
  • සුදු කැකුළු සහල් 1kg – රු. 195 ක්
Share.
Leave A Reply

Exit mobile version