සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළේ, අගෝස්තු 9 වනදා පැවැත්වීමට නියමිත කිසිදු විරෝධතාවක් SJB සංවිධානය කර නොමැති බවයි.

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය සතියේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ආණ්ඩුව පලවා හැරීම සඳහා අගෝස්තු 9 වැනි දා දැවැන්ත විරෝධතාවයකට සූදානම් වන ලෙසයි. “අගෝස්‌තු 9 වැනිදා උද්ඝෝෂණයක්‌ ගැන මහජනතාවට ප්‍රකාශ කළ බව සරත් මට කීවා, නමුත් පක්‍ෂයක්‌ වශයෙන් අපි එවැනි විරෝධතාවක්‌ ගැන තීරණය කර නෑ” මද්දුමබණ්ඩාර ඊයේ ප්‍රධාන පුවත් පතකට අදහස් දක්වමින් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version