2003 වසරේ අගෝස්තු 19 වන දින, ඉරාකයේ බැග්ඩෑඩ් හි කැනල් හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඉරාකයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සර්ජියෝ වියේරා ඩි මෙලෝ ඇතුළු මානුෂීය ආධාර සේවකයින් 22 දෙනෙකු මිය ගියා.

ඉන් වසර පහකට පසු, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අගෝස්තු 19 දින ලෝක මානුෂීය දිනය (WHD) ලෙස නම් කිරීමේ යෝජනාවක් සම්මත කරනු ලැබුවා. 

සෑම වසරකම, ලෝක මානුෂීය දිනය විශේෂ තේමාවක් කෙරෙහි අවධානය යොමු කරන අතර මේ වසරේ එහි තේමාව වන්නේ #ActForHumanity හෙවත් මානුෂීයත්වය සඳහා ක්‍රියා කරමු යන්නයි.

Share.
Leave A Reply

Exit mobile version