ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු වන බවත් අඩු කරන මුදල අද පෙරවරුවේ නිවේදනය කරන බවත් ඔහු පැවසීය.

ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,000 ට වඩා අඩුවනු ඇති බව කී ඔහු කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල ද මෙයට සමගාමීව අඩුවනු ඇති බව ද සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,186 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,281 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 598 ක් ලෙස මේ වන විට පවතී.

Share.
Leave A Reply

Exit mobile version