ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ.

ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.

‘ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමන් සෆාඩි අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version