විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය හෙට (14) උදෑසන ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවෙල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Share.
Leave A Reply

Exit mobile version