වසර හතරක් ICCහි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ වසීම් ඛාන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2022 මැයි මාසයේදී  වසීම් ඛාන් ICCහි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩභාර ගෙන තිබේ.

මේ අතර, වමත් පිතිකරුවෙකු වූ ඔහු වෝර්වික්ෂයර්, සසෙක්ස් සහ ඩර්බිෂයර් වෙනුවෙන් පළමු පෙළ තරඟ 58ක් සහ ලිස්ට් A තරඟ 30ක් ක්‍රීඩා කළේය. 

පසුගිය වසර දෙක තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුම සිය ධුරයන්ගෙන් ඉවත් වී ඇති අතර, වසීම් ඛාන්ගේ ඉවත්වීම සිදුවන්නේ ඒ අනුවය. 

එහිදී,

ජෙෆ් ඇලර්ඩයිස් (CEO) ඔහු වෙනුවට සංජෝග් ගුප්තා පත් විය.

ක්‍රිස් ටෙට්ලි (තරගාවලි ප්‍රධානී) ඔහු වෙනුවට ගෞරව් සක්සේනා පත් විය.

ඇලෙක්ස් මාර්ෂල් (දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී) ඔහු වෙනුවට ඇන්ඩෘ එෆ්ග්‍රේව් පත් විය.

Share.
Leave A Reply

Exit mobile version