තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ පෙරේදා (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවෙමින් පැවැසුවේය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා චීනයේ නිල සංචාරයක නියැලෙන්නේ, චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් බ්ලින්කන් මෙසේ චීනයට ගියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, යුක්රේනයට, ඊශ්‍රායලයට සහ තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ආධාර ලබා දීමට සූදානම් වෙද්දීය. ආධාර ලබා දීමට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී ඇත.

වෙනම රටක් වුවත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ගේ කොටසක් යැයි චීනයේ පිළිගැනීමය. එහෙයින් සෙසු රටවල් තායිවානය සමඟ ඇයිහොඳයිකම් පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවක් වී තිබේ. චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින අර්බුද උත්සන්න කිරීමට, ඇමෙරිකාව තායිවාන රජයට සමීප වීම හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version