ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 80 වියේ පසු වු ඒ මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්වයවරයෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කළේය.

ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ද ඊට ඇතුළත්ය. ඔහු විසින් රචනා කළ කෘතින් අතරින් ‘සමාජ මුහුණුවර’ 1984 වර්ෂයේ සහ ‘යථාර්ථය සහ නිර්මාණ’ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version