දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් පුද්ගලික රූපවාහිනී  නාලිකාවකසජීවී දේශපාලන විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටිබැට හුවමාරුවක නිරත වන අයුරු කැමරාවේ සටහන් වී  තිබේ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා එකිනෙකාට අවමන් සහගත ලෙස. කතා කරමින් ගුටිබැට හුවමාරුවක් සිදු කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.

පසුව තත්ත්වය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් මන්ත්‍රීවරුන් වෙන් කරන ලදී.

TPA පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා එළඹෙන. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පසුගියදා ප්‍රතිඥා දී තිබුණි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහ. TPA නායක මනෝ ගනේෂන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයේදී සහාය පළ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version