ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ වෙඩිවැදීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය. 

එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකු බව සඳහන්ය.

අද (07) අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් දෙහිවල, වටරප්පල ප්‍රදේශයේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

36 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත එම වෙඩිතැබීම සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version