ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 207 දෙනකු මියගිය බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේය. දුම්රිය දෙක එකිනෙක හැපුණේ සංඥා දෝෂයක් නිසා යැයි පැවැසෙයි. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැළී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලත්වූයේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන ‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රෙස්‘ ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ ‘යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රියයි. (ANI)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version