හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන්, අද (09) උදෑසන 7.10ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කපුවත්ත සහ කඳාන අතර දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා සහ සීනුව නාද වෙමින් තිබියදී ත්‍රිරෝද රථ රියදුරු ඒ පිළිබඳව නොතකා මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් 75 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.
කෙසේවෙතත් අනතුරින් මියගිය ත්‍රිරෝද රථ රියදුරුගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
