එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෝටර් රථයේ ලියාපදිංචි පොත හා වාහන පැවරුම් අයඳුම්පත් සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරු කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂයේදී ඊයේ දින රාත්‍රී කාලයේදී වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේදී වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු සන්තකයේ තිබී ඉහත කාර් රථයේ ලියාපදිංචි අංකය සහිත එම කාර් රථයේ වර්ණයෙන් යුත් කාර් රථයක් හමුවීමෙන් පසු කාර් රථ දෙකම පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථ 02ක හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබේ.

Share.
Leave A Reply

Exit mobile version