බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දු වාර 20-20 තරගයෙන් ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග තුනකින් යුත් තරගාවලිය 2-1 ක් වශයෙන් ජය ගැනීමට ඊයේ (12 වැනිදා) සමත් වූහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවති එම අවසාන තරගයෙන් ලකුණු 44 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ට හිමිවිය. මුල් තරග දෙක අවසානයේ කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන 1-1 ක් වශයෙන් සම මට්ටමේ සිටි අතර ඊයේ පැවති තරගයෙන් ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය ජයග්‍රහණය කළහ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158 ක් ලබාගත් අතර බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 51 ක් රැස් කළ අතර ඒ සඳහා ඇය වැය කළේ පන්දු 42 කි. හතරේ පහර 6ක් ද හර්ෂිතා තම ඉනිමට එක් කර ගත්තාය.
නිලක්ෂි ද සිල්වා පන්දු 39 කින් නොදැවී ලකුණු 63 ක් ලබා ගෙන වේගවත් පිතිහරඹයක නිරත වූ අතර හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇය වාර්තා කළාය. විශ්මි ගුණරත්න ලකුණු දෙකකට දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු පන්දු 23 කදී ලකුණු 32 ලබා ගත්තා ය. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.