අද දිනයේදී (10) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40ක පමණ තරමක් තද සුළං බවට පරිවර්තනය වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.

Share.
Leave A Reply

Exit mobile version