ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) උදෑසන 10.00ට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ආරම්භ උනා. ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඡන්ද විමසීමේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල ඇතුලු ධූර කිහිපයක් සඳහා සාමාජිකයින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා.

අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කමිටුව මගින් නිලවරණ කටයුතු මෙහෙය වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙකේ පළ වූ රෙගුලාසි ලබන අගෝස්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බැවින් මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට එම නව රෙගුලාසි අදාළ නොවේ.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version