ජොර්දානයේ ඉන්ධන මිල ඉහළ යෑම මූලික කරගෙන පැවැත්වූ විරෝධතාවයක් අතරතුර දී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු මිය යෑමත් සමඟ ජොර්දානයේ TikTok සමාජ මාධ්‍ය වෙත තාවකාලික තහනම් පැනවීමට එර‍ට මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම ගැටුම් අවස්ථාවේ වීඩියෝ දර්ශනයන් TikTok සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත්, එමඟින් ප්‍රචණ්ඩත්වය සහ කලහකාරී හැසිරීම් සඳහා උත්තේජනයක් ලබාදෙන බවත් පවසමින් මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

තහනම ‍කෙතරම් කාලයක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව දැනුම් දීමක් කර නැහැ.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version