ඉන්දියාවෙන් පිටුවහල් කළ මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ මෙම සැකකරුවන් ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා කර තිබුණි. 

මෙම තිදෙනා මීට දින 15කට පෙර බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව වාර්තා වේ. 

ඉන්දියාවට පැමිණ රැඳී සිටීමට මෙම තිදෙනා සතුව කිසිදු ලියකියවිලි නොමැති බව අනාවරණය විය. 

ශ්‍රී ලංකාවේ මෙම තිදෙනාට එරෙහිව විවිධ නඩු විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ. 

මෙම තත්ත්වය තුළ, ඉන්දියානු ගුවන් සේවයට අයත්  යානයකින් තිදෙනා පිටුවහල් කර ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා තවදුරටත් වාර්තා කරයි.

පසුගිය දා වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තිබී හමුවූ බෝම්බ සිද්ධියටද මෙම සැකකරුවන් තිදෙනාගේ සම්බන්ධයෙක් ඇති බව වාර්තා වෙයි.

එලෙස සොයාගන්න 

Share.
Leave A Reply

Exit mobile version