හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බවය.

මියගොස් ඇත්තේ අවුරුදු 42ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙක්, 40ක් පමණ වයසැති කාන්තාවක් සහ 15ක් පමණ වයසැති තරුණියක් බව සඳහන්ය.

ඊයේ (19) රාත්‍රී නිවසේ ඇති වු ගින්නකින් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version