කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

Exit mobile version