එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 24 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118 ක් පමණයි. ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදා කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව වූවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version